යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් කඩිනමින් ආනයනය කිරීමට රජය කටයුතු යොදා තිබේ.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත විදේශ කටයුතු හා කෘෂිකර්ම යන අමාත්‍යංශවල මැදිහත්වීමෙන් අදාල පොහොර තොගය ගෙන්වීම සඳහා රජයට අයත් පොහොර සමාගම් විසින් අදාල කටයුතු සම්පාදනය කර තිබේ.
කෙසේවුවද පොහොර තොගය ආනයනය කිරීමට වැය කෙරෙන මුදල කොපමණද යන්න පිළිබද ප්‍රකාශ කර හැක්කේ එම ආනයන කටයුතු පිලිබඳ සියලු කටයුතු අවසන් වීමෙන් පසුව වන බව මේ පිලබඳ 'අද' කල විමසීමේදී කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.
අමාතයාංශය සඳහන් කර සිටියේ යල කන්නයේ වී වගාව සඳහා මෙම පොහොර ආනයනය කෙරෙන බවයි.
මීට අමතරව රුසියාව, කැනඩාව ඇතුලු තවත් රටවල් කිහිපකින් රසායනික පොහොර ආනයනය කිරීම සදහා සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.