ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000 ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.
එම මුදල් භාවිතා කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීමටද සැලැසුම් කරන බව හෙතම කීය.
දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් දිවයිනට පැමිණි අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවැසීය.
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපි කණ්ඩායමක් ඉන්දීයාවට ගියා. කඳුකර ජනතාවගේ ප්‍රශ්ණ, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, බලශක්ති හා විදුලිබල ක්ෂ්ත්රයේ ආයෝජන සම්බන්ධව එහෙදි අප සාකච්ඡා කලා. ඒ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා.
මෙහෙදි විශේෂයෙන්ම කඳුකරයේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට නිවාස ඉඳි කිරීමේ ප්‍රශ්ණ විසඳිය යුතුයි. ඉන් පසු ජනතාවගේ ජීවනෝපාය හා ජීවන තත්ත්වය උසස් කළ යුතුයි. ඒ සඳහා අධ්‍යාපනය විකල්පයක් බව මා පෙන්වා දුන්නා. උඩරට වතුකරයේ ජනතාවගේ සංවර්ධනයට රුපියල් මිලියන 3000 ක් ඉන්දියාව ලබා දෙනවා. එම මුදල් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වියදම් කරනවා.
ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ මෙම වසරට වසර 200 ක් ගත වෙනවා. ඔවුන්ගේ කලා, සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කිරීම සඳහා අනුමත කරන ලද ජාතික උත්සවය නොවැම්බර් මාසයේදි පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා මෙම මස 26 වැනි දින සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා තිබෙනවා. මෙහෙදි 13 වැනි ආණ්ඩුක්‍රම යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත තිබෙනවා" යයිද කීය.