නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත යැවීමට සූදානම් වූ රත්රන් කිලෝ 6ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන් ගත් බස් රථයක් ආමර්වීදියේදී පරීක්ෂාවට ලක්කර එහි ගමන් කරමින් සිටි අවුරුදු 38ක වැල්ලම්පිටිය ප්‍රදේශයේ සැකකරුවෙක් මෙම රත්රන් තොගය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පිළිබඳව සිදුකළ වැඩිදුර විමර්ශන වලදී මෙම රත්රන් තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යැවීමට සූදානම් කර ඇති බවට තොරතුරු අණාවරණය වී තබේ.
එසේම මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් රත්රන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 12කට අධික බව ගණන් බලා තිබේ.මෙම රත්රන් තොගය ලැබුණ ආකාරය හා මෙම ජාවාරම කොපමණ කාලයක් කර ඇතිද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.