මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඉන්දියාවට එනු ලබන සාමාන්‍ය වැසියන් වැලක්වීමටත් පැමිණී ජනතාවට සරණාගතභාවය ලබාදීම අඩුකිරීමටත් එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
මේ වසරේ මාර්තු මාසයේ සිට මැයි මස වනවිට උතුරු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගිය සාමාන්‍ය වැසියන් 96 දෙනෙකුට සරණාගතභාවය ලබාදී ඇති බවටද ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.
කෙසේ වෙතත් ඉන්දියාවේ පිහිටි සරණාගත කඳවුරු තුල ජීවත්වන වැසියන් ප්‍රමාණය වැඩිවුවහොත් අධාර ඇතුලු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටලු ආදි විවිධ හේතුන් නිසා ඉන්දීය මුහුදු සීමාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් වැලක්වීමට ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් ආරක්ෂිත පියවර කිහිපයක් ගෙන ඇත.
පසුගිය දින කිහිපය තුල ශ්‍රීලංකාවේ සිට ඉන්දියාවට අනවසරයෙන් මුහුදු මාර්ගයෙන් යාමට උත්සහ කල 150 කට ආසන්න පිරිසක් නාවික හමුදා භාරයට පත් වූ අතර ඉන්දියාවට ගිය සහ නාවික හමුදා භාරයට පත් වූ පිරිස් ඉන්දියාවට යාමට හේතු වශයෙන් පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙලෙස ඉන්දියාවට පලා යන බවටය.