සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 222කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
දින පහකින් සමන්විත වූ ටෙස්ට් තරගය දින තුනකින් අවසන් කිරීමටද ඉන්දියාව සමත්විය.
ඉන්දියාව පළමු ඉනිම ලකුණු 574/8ට අත්හිටුවමින් ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ඊයේ දිනයේදී ලබාදුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 174ක් පමණි. යළිත් ලකුණු 400ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 178කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.
තරගයේ වීරයා ලෙස පිත්තෙන් හා පන්දුවෙන් දක්ෂතා දැක්වූ රවීන්ද්‍ර ජඩේජා විසින් හිමිකර ගත්තේය.
ඉන්දීය පළමුු ඉනිම 578/8
රවීන්ද්‍ර ජඩේජා 175*, රිෂාබ් පාන්ට් 96, ආර්. අශ්වින් 61, සුරංග ලක්මාල් 2/90, විශ්ව ප්‍රනාන්දු 135/2
ශ්‍රී ලංකාව පළමු ඉනිම 174/10
පැතුම් නිශ්ශංක 61*, චරිත් අසලංක 29, රවීන්ද්‍ර ජඩේජා 41/5, ආර් අශ්වින් 49/2
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
නිරෝෂන් දික්වැල්ල 51*, ධනංජය ද සිල්වා 30, රවීන්ද්‍ර ජඩේජා 46/4, අශ්වින් 47/4 