2026 මාර්තු 14ට පෙර ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවත ලබා ගැනීමේදී, එම ලියාපදිංචිය සිදු කළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැතිනම් හෝ වෙනත් අයකු සතුනම් ජනතාව මුහුණ දෙන අපහසුතා මඟහරවා ගැනීම සඳහා "Override" යන නමින් විශේෂාංගයක් හඳුන්වා දී ඇත.
ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (19) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.
එහිදී https://fuelpass.gov.lk/ යන නිල වෙබ් අඩවියට පිවිස, වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිත කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. (I J)