ඉන්දීය අගමැතිට අගමැති මහින්දගෙන් උපන්දින සුබ පැතුම්
- 18 09 2020
- 18:39
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 70 වෙනි ජන්ම දිනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17දා) දින දුරකථන ඔස්සේ සුබ පැතුම් එක් කළේය.
උපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූති කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මිගේ පළමු පුතුගේ උපත වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
