ඉන්දුනීසියාවේ භූ කම්පනයක් සමග සුනාමි තත්ත්වයක්
ඉන්දුනීසියාවේ වෙරළා සන්නයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වී තිබෙන අතර, ප්‍රදේශයේ ජීවිත 30ක් දැනටමත් අහිමිව තිබේ.
සුලවේසි දූපතේ පාලූ ප්‍රදේශය වෙත මීටර් 2ක් පමණ උසින් යුතු උදම් රළ පැමිණ ඇති අතර, ජනතාව කෑමොර දෙමින් පළායන ආකාරය සහ මුස්ලිම් දේවස්ථාන ඇතුළු ගොඩනැගිලි කඩා වැටී ඇති ආකාරය දැක්වෙන දසුන් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.
පසුගිය මාසයේදී ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පන වැළක් අති වූ අතර, අගෝස්තු 5දා ඇති වූ ප්රබලතම භූ කම්පනයෙන් පුද්ගල ජීවිත 460කට වඩා අහිමි වූහ.
සහන මෙහෙයුම් දැනටමත් ආරම්භ කර තිබුණත් සන්නිවේදනය බිඳවැටී පාලූ ප්‍රදේශය වෙත ඇතුළු වන මාර්ග අවහිර වී ඇති බව ඉන්දුනීසියානු රජය පවසයි.
මේ අතර, ප්‍රංශ පුවත් සේවය පවසා සිටියේ මියගිය පිරිස වැඩිවිය හැකි බවයි. මරණ භූ කම්පනය හේතුවෙන් සිදුවූවාද, නැත්නම් සුනාමි තත්ත්වයෙන් සිදුවූවාද යන්න පැහැදිලි නොමැති බවද එම ඒජන්සිය පවසා තිබේ.


popular news
-
Thanuja erandathee Saturday, 29 September 2018 04:19 PM
Very good
Reply : 0 0
Champa Saturday, 29 September 2018 11:24 PM
I wish to extend my heartfelt condolences to the Indonesian Embassy and the families of victims in Indonesia. We feel your pain as our memories of the victims of the tsunami is unforgettable.
Reply : 0 0
Nasmi Sunday, 30 September 2018 07:29 AM
me oyalage page eka load wenna godak wela yanawa samahara wita ad wala wenna puluwan , poddk eka hadanna , e wagema pathraya load wenna godak wela yanawa , eka flash player eke nethuwa , pdf hari pictures hari danna ( copy karanna beri wenna danna puluwanne )
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

