නිරිතදිග මෝසම් තත්ත්වයක් පැවතුණත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි සති කිහිපයේ වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.
අද(10දා) සිට 13 වැනි දින දක්වා යම් යම් ප්‍රදේශවලට සාමාන්‍ය තත්ත්වයේ වැසි ඇති විය හැකි වුවත් තද වැසි බලපොරොත්තු විය නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
නිරතදිග මෝසම් තත්ත්වයෙන් අපේක්ෂිත වැසි ප්‍රමාණය යම් යම් ප්‍ර දේශවලට මෙවර අඩුවක් පෙන්නුම් කරන බවත් වැසි අඩු වුවත් සුළං තත්ත්වය පවතින බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ(09දා) උදේ 8.00 අවසන් පැය 24 ක කාලය සැලකීමේදී උපරිම වර්ෂාපතනය වූ මි.මී. 9. ක ප්‍රමාණය ගුරුළුවාන (රත්නපුර) ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
අද(10දා) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවද කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් කරයි.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.