තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා තම පක්ෂයයේ ප්‍රතිපත්ති වලට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂ නායකයෙක් බවත් රට අරාජික තත්ත්වයක පත්වීමේ තර්ජනයක් පැවැති අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කාලය තුල රට පාලනය කිරීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමය ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
විධායක ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයන මේ මොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ආණ්ඩුව ස්ථාවර ආණ්ඩුවක් බවට තහවුරු කිරීම බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම බදු අඩු කල යුතුය යන ඉල්ලීම ඉතාමත් ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බවත් අනාගතයේදී සෑම ඡන්ද දායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය ස අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල යුතු බවත් මැතිවරණ ළංවන විට නොයෙක් ප්රචාරක උපක්‍රම හා සමාජ මාධ්‍ය මෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර කිසිදු වගවිභාගයකින් තොරව කඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රැගෙන යෑමේ උත්සාහයක් දකින බවත් ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්තත් එය තාර්කික චින්තනය හා නිවැරදි කරුණු සහ දත්ත මත පදනම් වූ තිරණයක් විය යුතු බවත් සිය නිවේදනයේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.