ඉදිරි පැය 36ක කාලය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍ර දේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.