ඉදිරි පැය 36දී සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ් අනුව දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සබරගමුව හා බස්නාහි පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.