ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි පැය 36 සඳ හා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඇතැම් සරථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.