ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර
දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවත් අද දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාල යේද ී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු හා උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක
තද වැසි ඇතිවිය හැක.
වයඹ, උතුරු-මැද හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40)
ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි යැයිද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන් අනතුරු අවම කර
ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.