ඉදිරි දින කිහිපයේදී උතුරු මැද, උතුරු, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායු ගෝලීය තත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒසේම ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව හා නැහෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම ප්‍ර දේශවල ඇතැම් සරථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.