වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රම වේදය මෙන්ම QR ඛේත ක්‍රමය සාර්ථකවූ විට ඉදිරි දින කිහිපයේදී මේ වන විට පවතින ඉන්ධන පෝලිම් අඩුවෙනු වෙනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මූලික තාක්ෂණික ගැටළු වලින් පසුව, FuelPass QR පද්ධතිය අද සාර්ථක ලෙස පරීක්ෂා කළ බවත් එය ලබන සතියේ සිට රට පුරා ක්‍රියාත්මක කිරිමට මත්තෙන් ඉදිරි දින කිහිපයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස අඛණ්ඩව කරගෙන යන බවත් ඔහු පැවැසීය.
මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සහාය දැක්වූ සියලු පාර්ශ්වලට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඇතැම් පාර්ශ්ව මෙම ක්‍රමවේදයට එක්නොවූ බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම ක්‍රමය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.