ඉදිරි තෙවසරේදී පිරිසිදු පානීය ජලය සැපයීම ඉලක්කයයි
ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින්, රටපුරා නව ජල ව්‍යාපෘති ඇරඹීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටි.
ජපානයේ කුමමොටෝ හි ඇරඹි 4වන ආසියා - පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“තිරසර සංවර්ධනය සඳහා ජලය : හොඳම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගී වෙති.
සමුළුවේ ප්‍රගතිය 2023 මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේ දී “කුමමොටෝ ප්‍රකාශය” ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතය.
"2025 වන විට සැමට පිරිසිදු ජලය සැපයීම මෙන්ම සනීපාරක්ෂක පහසුකම් සැපයීම ඇතුළු ජලය ආශ්රිත යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම ජාතික ඉලක්කයක් ලෙස පවතී.
අපි දැනට පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කර දුර්වල ආවරණයක් සහිත ප්‍රදේශ සඳහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ද අවධානය යොමු කර ඇත.
කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පවා, පසුගිය වසරවල වාර්ෂිකව ලබා දුන් ජල සම්බන්ධතා සංඛ්‍යාවට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ලබා දෙන නව ජල සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට මගේ රජයට හැකි විය.
ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කරන ලදී." යැයි ජනපතිවරයා සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Saturday, 23 April 2022 09:40 AM
අනේ මන්ද? මේ උන්නැහෙගෙ කන් ඇහෙන්නෙ නැතුව ද, ඇස් පේන්නෙ නැතුවවත් ද? අද රටේ දැවෙන ප්රශ්නය මේක ද? රටේ මිනිස්සු පානීය ජල අවශ්‍යතාව පෞද්ගලිකව සපුරා ගනීවි. ඉදිරි වසර තුන තුළවත් රටේ ණය බර අවම කරල ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමයි නායකත්වයේ වගකීම. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

