ආර්ථිකයට පදනමක් දමා ගැනීමට වසරක පමණ කාලයක් යන බවත් ඉදිරි කාලසීමාවේදි ගැටලු වැඩිවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ ජනතාව දුක්විදින බව තමන් දන්නා බවත් ඒ් පිළිබඳව මීට පෙරද සමාව ඉල්ලා ඇති බවත්ය.
"මම ආර්ථිකය භාර ගත්තේ කඩා වැටුණ වෙලාවක. ජනතාවගේ රැකියා නැතිවුණා. ඉන්ධන නැතිවුණා. ජනතාව දුක්වින්දා. ඒ් නිසයි මම අගමැතිධුරය භාර ගත්තේ. මේක දවසින් දෙකෙන් හදන්න බෑ.
මූලික පියවර වලට අවුරුද්දක් යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ අවුරුදු 4ක්වත් යයි කියලා. අපිට අමාරුම අවුරුද්ද මේකයි. මම අගමැතිවුණාමත් ඉන්ධන පෝලිම් වැඩිවුණා.
මේ මාස කිහිපයේදී ගැටලු වැඩිවෙනවා. මිනිස්සු විදින දුක මම දන්නවා. ඒ්කට මම සමාව ඉල්ලත් තියෙනවා. කොහොම වුණත් අපිට ඒකතු වෙලා තමයි ඉදිරියට යන්න වෙන්නේ."