රජය මගින් ඉදිරි කන්නයේ වී මිලදී ගැනීම් සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ වන විටත් බොහෝ දිස්ත්‍රික්කයන් හි වී ගබඩා විවෘත කර ඇති අතර අස්වැන්න ලැබෙන ප්‍රමාණයන් අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන බවද පැවසීය.
එමෙන්ම පසුගිය කන්නයේ මිලදී ගත් වී තොග ක්‍රමානුකූලය සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. (I J)