මේ වන විට ගොඩබාමින් පවතින මෙට්‍රික්ටොන් 3900ක් රැගත් ගෑස් නෞකාවට අමතරව කිසිදු ගෑස් නෞකාවක් ඇනවුම් නොකර ඇති බවත් ලිට්රෝ හිටපු පාලකයින් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ද එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
අවම වශයෙන් සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ ගොඩබාන විට හෝ මුදල් ගෙවීමට සාකච්ඡා කර නොමැති බව කී මුදිත පීරිස් මහතා ඒ හේතුවෙන් හිස් මුහුද පමණක් ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.
ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් ලිට්රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.