තමන් ඉදිරිපත් කර ඇති වත්කම් වලට අමතරව වෙන වත්කම් තිබේනම් ඒවා රජයට පවරාගෙන ජනතාවට බෙදා දෙන ලෙස තමන් සඳහන් කරන බව මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
“2015 ඉදලා මගේ වත්කම් ගැන පරීක්ෂණ කරනවා. මම ඉදිරිපත් කරලා තියෙන දේවල්වලට පිට දෙයක් තියෙනවානම් ඉතාමත් ඉක්මනට ඒවා ආණ්ඩුවට පවරාගෙන ජනතාවට බෙදා දෙන්න.
මගේ බිරිඳගේ පවුල මට වඩා අපිට වඩා ව්‍යාපාරික පවුලක්. මම නීතිඥවරයෙක් ලෙස කටයුතු කරලා තිබෙනවා. දෙමාපියන්ගෙන් ලැබුණ වතුවල ආදායම් තිබෙනවා. හංගන්න දෙයක් නෑ. මගෙන් අහපු දේවල්වලට මම උත්තර දුන්නා. අපිට චෝදනා කරපු අයගේ වත්කම් අපිට වඩා වැඩියි.”