ඉදිකිරීම් ක්ෂේත්රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි හෙට (10දා) සිට ඇරඹෙයි.
එහි සමාරම්භක උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (10දා) කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්වේ.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය(CIDA) වර්තමානයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු පාර්ශවකරුවන් වන කොන්ත්‍රාත්කරුවන්, දේපළ සංවර්ධනකරුවන්, ඉදිකිරීම් ද්‍රව්‍ය හා උපාංග සැපයුම්කරුවන් හා නිපුණ ශ්රමිකයින්ලියාපදිංචි කිරීම එම අධිකාරිය සතු කාර්යභාර්යකි.
2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතට අනුව මෙම වැඩසටහන මගින් නිපුණ ඉදිකිරීම් ශ්‍රමිකයින්ගේ දැනුම, කුසලතා හා ආකල්ප පරීක්ෂා කර ලියාපදිංචි කිරීම, ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම හා ඔවුන්ගේ තොරතුරු දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම සිදු කෙරේ. එමගින් දේශීය සහ විදේශීය ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට අවශ්‍ය ඉදිකිරීම් ශ්‍රමිකයින් සවිබල ගැන්වීම මෙහි අරමුණයි.
ලියාපදිංචි වන ඉදිකිරීම් ශ්‍රමිකයින් මූලික වශයෙන් ක්ෂේත්‍ර 25 ක් යටතේ වර්ගීකරණය කොට ‘ප්‍රධාන ඉදිකිරීම් ශ්‍රමිකයින්’ සහ ‘ඉදිකිරීම් ශ්‍රමිකයින්’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ ඔවුන් සදහා ශිල්පීය හැදුනුම්පත් ලබා දීම සිදු කෙරේ. ‘ප්‍රධාන ඉදිකිරීම් ශිල්පි’කාණ්ඩයේ හැදුනුම්පත ලබා දීමේදී NVQ - 4 මට්ටම හා වසරක පළපුරුද්ද අවශ්‍ය වේ. ‘ඉදිකිරීම් ශිල්පි’කාණ්ඩයේ හැදුනුම්පත ලබා දීමේදී NVQ - 3 මට්ටම හා මාස 6 ක පළපුරුද්ද අවශ්‍ය වේ.
නිපුණ ඉදිකිරීම් ශ්‍රමිකයෙකු ලෙස ලියාපදිංචි කිරීම සදහා කුසලතා පරීක්ෂණයක් (Skills Test) පවත්වනු ලැබේ. එය සමත් වන ශිල්පීන් සදහා හැදුනුම්පතට අමතරව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් සහතික පත්‍රයක්ද පිරිනැමේ. ඊට අමතරව නිපුණ ශ්‍රමික මාර්ගෝපදේශ අත්පොතක් සහ නිපුණ ශ්‍රමික වාර්තා පොතක්ද එම ශිල්පීන් සදහා ලබා දෙයි.
මෙම කුසලතා පරීක්ෂණය වාචික සහ ප්‍රායෝගික ලෙස කොටස් දෙකකින් යුක්තය. ඉදිකිරීම් ක්ෂේත්රය පිළිබද දැනුම හා අවබෝධය, කාර්යක්ෂමතාවය, ශිල්පීය හැසිරීම, වෘත්තීමය ආචාරධර්ම, රාජකාරියේ පූර්ව දැනුම, උපකරණ හා මෙවලම් නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම සහ නිමාව පිළිබද පරීක්ෂාව යන කරුණු පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරේ.
නිපුණ ශ්‍රමිකයෙකු ලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව ගෝලීය අවශ්‍යතාවයට අනුකූලව සවිබල ගැන්වීම තුළින් ඔවුන්ට දේශීය හා විදේශීය රැකියා අවස්ථා සදහා යොමු වීමේ හැකියාව පවතී. එමෙන්ම වඩා ළුලදායි හා ගුණාත්මක නිපුණ ශ්‍රම බලකායක කොටස්කරුවෙකු වීමේ අවස්ථාව සහ වෘත්තීමය ප්‍රමිතිය වැඩි දියුණු කර ගැනීමටද මෙම වැඩසටහන මගින් අවස්ථාව උදා වේ.