මේවනවිට ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘතිවල සියලුම කටයුතු ඉදිරි වසරක කාලයක් ඇතුළතදී නිමකිරීමට බළාපොරොත්තුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මුදල් අමාත්‍යංශ නිළධාරීන් සමඟ මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන යෝජනා හ අදහස් ඇතුළත් ව්‍යාපෘති වාර්තාවක් සතියක් ඇතුළතදී තමන්ට ලබාදෙන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයා කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් දුන්නේය.
එම ව්‍යාපෘති වාර්තා අධ්‍යයනය කොට විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ඉදිරිපත්කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.
ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවන් සමඟ බත්තරමුල්ල, සුහුරුපායේදී අද (13) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.