කොල්ලුපිටිය පොලිස් වසමේ සී.වී. ඇවනිව් ප්රදේශයේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලින් පුද්ගලයෙකු බිමට ඇද වැටි මියගොස් ඇති බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ ඇත.
මරණකරු වයස අවුරුදු 27 ක් වන තලවකැලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලේ පලංචි මගින් යකඩ කොටස සවිකිරීමට යාමේදි පය ලිස්සා වැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වි ඇත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.