ඉදිරි මැතිවරණවලදි සහය දක්වන හැටි දිගම්බරන් කියයි
වතුකරයේ දමිළ ජනතාව ඕනෑම මැතිවරණයතකට සූදානම් බව අමාත්‍ය පලනි දිගාම්බරම් මහතා පවසයි.
ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්‍රහම් සිංහෝපුරම්” නව ගම්මානය ඊයේ දින ජනතා අයිතියට පත්කරන ලද උත්සවයට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"ඊළඟ ජනාධිපතිවරණයේදී අපි සහයෝගය ලබාදෙන්නේ අපේ ජනතාවට සේවය කරන පුද්ගලයෙකුට පමණයි. වතු ජනතාව අවුරුදු 200ක් තිස්සේ ලැයිම් කාමරවල දුක්විදිනවා. 2015 වසරේදී පත්වුණු ආණ්ඩුවට අපි සහයෝගය දක්වලා ඉල්ලීමක් කළා පර්චස් 07ක ඉඩමක් එක්ක නිවසක් ඉදිවෙන්න ඕන කියලා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඒ ඉල්ලීමට සහයෝගය දක්වලා මේ ජනතාවට නිවාස ඉදිකරන්න මට භාර දුන්නා. ඒ වගකීම මම ඉටුකරමින් ඉන්නේ.
අපේ ජනතාව තවම දුක්විදිනම ජනතාව. මේ ජනතාවට රු 500ක දෛනික වැටුපක් ලැබෙන්නේ. අද මේසන් බාස්ටත් 1500ට වඩා ලැබෙනවා. අද පිටකොටුවේ ඉදලා බම්බලපිටියට ත්‍රීවිල් එකක ගියත් රු 500 මදි. අපි කියන්නේ සධාරණ වැටුපක් වැඩිවිය යුතුයි. ආණ්ඩුවත් පාඩුවේ ඉන්නවා. ගිවිසුම අත්සන් කරන වෘත්තීය සමිතිත් කම්කරුවෝ පාවා දෙනවා.
මම කියන්නේ මේ වතු කම්කරුවෝ හරියට හිතපු දවසට වතු සමාගම් වලට ගෙදර යන්න වෙනවා. අපි රු 1000 ක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ ජීවත් වෙන්න පුළුවන් වැටුපක්. වතු සමාගම් ආරක්ෂා වෙන්න ඕන. සමාගම් කඩා වැටුනොත් ලක්ෂ 02ක් වන වතු කම්කරුවෝ මොකද කරන්නේ, මේ ගැන අවධානය යොමුකරලා ගිවිසුම් අත්සන් කරන වෘත්තීය සමිති වතු සමාගම් නිසි පියවරක් ගන්න ඕන. නැත්නම් අපි කියනවා ආණ්ඩුවට මේ වතු සමාගම් පවරා ගන්න කියලා යනුවෙන් ඔහු පැවසිය.

popular news
- 
                            
Champa Monday, 21 January 2019 05:38 PM
ඒබ්‍රහම් සිංහෝපුරම්? මොකක්ද මේ නම? ඇයි මොකොද කඳුකරය අයිති ඉන්දියාවටද? තාම හිතන්නේ ඉන්දියන් කාරයෝ විදිහට. ලංකාවේ පුරවැසි භාවය ගන්න නම් සිංහල භාෂාව ඉගෙනීම අනිවාර්ය කරන්න ඕනේ.
Reply : 0 0
Champa Monday, 21 January 2019 05:50 PM
වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නේ මම හරියට දන්නේ නැහැ. තේ කියන්නේ නිෂ්පාදනය මත යැපෙන කර්මාන්තයක්. ඒ හින්ද තේ කඩන එක්තරා කිලෝ ග්‍රෑම් හෝ කූඩ ප්‍රමාණයකට නිශ්චිත වැටුපක් දීල, ඉන් එහා වැඩිපුර කඩන හැම ප්‍රමාණයකටම මුදලක් ගෙවන්න විදිහක් බැලුව නම් කාටත් සාධාරණයි. මං කියන්නේ piece rate ක්‍රමය ගැන. එතකොට තේ දළු නෙලන අයට සමහර විට රුපියල් 1000 කට වැඩි වැටුපක් වුනත් හොයා ගන්න පුළුවන් වෙයි මහන්සියේ හැටියට. දැන් තේ කර්මාන්තය බිඳ වැටිලා තියෙන්නේ. තේ වලින් අධික ලාභයක් ලැබෙන කාලෙක නම් ඕනේ තේ අයිතිකාරයෙක් වැටුප් වැඩි කරයි. මෙතන ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. දිගම්බරම්, piece rate විදිහට වැටුප වැඩි කරගන්න පුළුවන්ද බලන්න. තව එකක් කියන්න ඕනේ චන්ද ගැන. ඊළඟ ජනාධිපතිවරණදී වතුකරයේ චන්ද කේවල් කරන්න ලැබෙයිද කියලා සැකයි ඉස්සර වගේ. ඒ මොකොද කිව්වා නම් සිංහලයෝ ඔක්කොම එකට එකතු වෙලා එක මිනිහෙක්ට චන්දෙ දෙන්න හිතන්න පුළුවන්. එතකොට එතනම 70%කට වඩා චන්ද එනවා.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                