නව අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැදෑරීම ඉවත් නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසීය.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ප්රශ්නය - හරි සහතිකයක් දෙන්න ඉතිහාසය සහ සෞන්දර්ය මේ විශය මාලාවෙන් අයින් වෙන්නේ නෑ කියලා ?
පිළිතුර - ඒක අයින් කරන්නේ නෑ. කොහෙන් අල්ල ගත්ත කතාවක්ද කියලා අපි තවම හොයනවා. මෙතන මේ සද්දේ දාන්නේ ඉතිහාසය ගැන කැක්කුමක් තිබිලාවත්, සෞන්දර්ය ගැන කැක්කුමක් තිබිලාවත් , කොටින්ම කිව්වොත් අධ්‍යාපනය ගැන හිතලා නෙවෙයි.