ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණයෙන්
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. රැස්වීම සාර්ථකව සිදු විය.
කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරිණ.
නව තාක්ෂණය හඳුන්වාදීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව දී තිබේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත.
එකී අරමුණ පෙරදැරිව තාක්ෂණ අමාත්‍යාංශය ද ජනාධිපතිතුමා පසුගියදා සිය අධීක්ෂණයට පවරා ගත්තේය.
21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිතුමාගේ අභිප්‍රාය වේ.
රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්රමුඛතාවකි.
popular news
-
Demuni Uduwara Tuesday, 01 December 2020 12:13 AM
Lot of failures and lethargies too are gone to history.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

