වර්තමාන සමීක්ෂණ වාර්තා අනුව ලංකා ඉතිහාසයේ වැඩිම පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තියෙන ජනාධිපතිවරණය බවට මෙවර ජනපතිවරණය පත්ව ඇති බවත් පාවෙන ජන්ද දායකයන්ට ඉලක්කගතව ආමන්ත්‍රණය කරන ආකරය අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා හෝ පරාජිතයා තිරණය වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසීය.
ඊයේ (12දා) පස්වරුවේ හැටන් නගරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්ද දායකයන්ගේ හැසිරීමට සමපාත වෙන්නේ නෑ. එ නිසා ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිපලය සමස්ත මැතිවරණයක නිරූපනය කරනවා කියන කාරණයට එකඟ වෙන්න බෑ. එය විශාල සාධක සංඛ්‍යාවක් එක්ක තමයි තිරණය වන්නේ.”