කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ (Tial At Bar) කටයුතු ලබන 09 වෙනිදා ආරම්භ කෙරේ.
මෙම නඩුවේ විත්තිකරුවන් පස්දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරිවරයාට සිතාසි නිකුත් කොට ඇත.
ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 198 ලංකාවට රැගෙන එන අතර තුර මහ මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මෙලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කොට ඇත.
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම් කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.
ආදිත්‍ය පටබැඳි මහතා සභාපති සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් මංජුල මංජුල තිලකරත්න මහතා සහ මහේන් වීරමන් මහතා කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඒ සඳහා හෙරොයින් කිලෝ 198 ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එම හෙරොයින් තොගය ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කොට අත