පවතින තත්ත්වය යටතේ ඊයේ (06දා) පස්වරු 5.00 වන විට ශ්‍රී ලංකාව සතුව පැවැති ඉන්ධන තොගය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.
සිය ට්විටර් ගිණුම හරහා ඔහු මෙ පැහැදිලි කිරීම කර තිබේ. ඒ අනුව ඊයේ පස්වරු 5.00 වන විට ඔටෝ ඪීසල් මෙට්‍රික් ටොන් 12516ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොනර් 7972ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 27 325ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 425ක් පැවැති බව ඔහු පවසයි.
එසේම දෛනිකව සාමාන්‍ය යෙන් ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500ක් නිකුත් කරමින් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
නොරොච්චෝල විදුලි බලාගාරය යළිත් සක්‍රීය වන තෙක් පමණක් සීමා සහිතව ඔටෝ ඩීසල් වෙළඳපොළ වෙත නිකුත් කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එළැඹෙන සඳුදා දිනයේදි පෙට්‍රල් මෙට්‍රික් 40000ක නැවක් හා බෙරාතෙල් නැවක් ගොඩ බෑමට නියමිත බවද ඔහු පවසයි.