ඉතියෝපියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
- 6 07 2020
- 08:48
- {{hitsCtrl.values.hits}} views
- ..
අප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඉතියෝපියාව අවට රටවල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වන අතර, ඔවුන් විශේෂ ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ අඩිස් අබාබා නුවර වෙත කැදවා තිබුණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1710 දරණ විශේෂ ගුවන් යානයෙන් ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස අලුයම 3.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
