ඉතාලියේ සිට පැමිණ නිරෝධානය වෙමින් සිටි කාන්තාවක් මරුට
ඉතාලියේ මිලාන් නුවර සිට ඉකුත් 17 දා ලංකාවට ගොස් රජයේ නිරෝධායන නීතීන්ට යටත්ව මහනුවර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තම බිරිඳ අභිරහස් ලෙස හෝටල් කාමරය තුළම මියගොස් සිටියදී පෙරේදා (01දා) උදැසන සොයාගෙන තිබෙන බව ඉතාලියේ මිලාන් නුවර සිටින ඉඳුනිල් දිප්ති කුමාර මහතා පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ධම්මිකා පෙරේරා (52) නැමති එක්දරු මවකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා වු ඉඳුනිල් දීප්ති කුමාර මහතා “මගේ බිරිඳ ඇත්තටම ලංකාවට ගියේ අසනීප තත්වයකට ප්‍රතිකාර ගන්න ඇයගේ නිරෝධායන කාලය අවසන් වීමට තිබුණේ 01දා සවස මට 01දා උදෙන්ම ලංකාවෙන් දුරකතන ඇමතුමක් ආවා ඇය නැවතී සිටි හෝටල් කාමරයෙම මියගිහින් කියලා.
අපි හෝටලයේ අයට දැනුම් දුන්නා ඇය හිටපු අසනීප තත්ත්වය අනුව වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියා. මොකද ඇය ගියා දා සිටම ඇයව දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බැරි වුණා. ඒත් ඒ අය අය කිසිම දෙයක් කරලා නෑ. වෛද්‍යවරයෙකුට පෙන්නුවා නම් මෙහෙම තත්වයක් ඇති වෙන්න බැ.
මෙයිට වඩා නිරෝධායනය වෙන පිරිස් ගැන බලධාරින්ගේ සැලකිල්ලක් තියෙන්න ඕනේ අපෙන් ලංකාවට යන්න ලක්ෂ ගණන් අය කරනවා නිරෝධායනය වෙන අයට කාමරෙන් පිටට යන්න දෙන්නෙත් නැත්නම් නිරෝධායන කාලයේදි සියලුම වගකීම් තියෙන්නේ රජයට.
මගේ බිරිඳ ගැන එයාලා සොයලා බලලා නැ. මෙහෙම මිනිස්සුන්ට කරන්න එපා. මැරෙන්න තරම් මගේ බිරිඳට රෝගයක් තිබුනෙ නෑ. අද මගේ පුතාට අම්මාව අහිමිවෙලා මේ සබ්න්ධයෙන් සාධාරණ පරික්ෂණයක් කරලා මගේ බිරිඳට මොකද වුණේ කියලා සොයලා දෙන්න කියලා මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.”
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට

popular news
-
P.T. Ranasinghe Sunday, 03 January 2021 03:53 PM
Pls I want to know which Kandy Hotel involved with this Quarantine Sri Lankan lady who came from Milano, Italy. I'm glad to know the name please
Reply : 0 0
Demuni Uduwara Sunday, 03 January 2021 07:32 PM
"Api asarana wela wage hithata denenawa."
Reply : 0 0
Dhanusha Sunday, 03 January 2021 07:54 PM
Meya saka katayuthu maranayk . Wahana baladarin me gana soya baliya yuthu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

