ඉතාලියේ ලොක්ඩවුන් ලිහිල් කර විවෘත කෙරුණ ආපනශාලා තුල කෑම භාවිතය තහනම්
පසුගිය මැයි 4 දා ලිහිල් කෙරුණු ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වය යටතේ ආපනශාලා කෝපි හල් වගෙම මත්පැන් හල් විවෘත කෙරුණද පාරිභෝගිකයන්ට එම ස්ථානයන්හි සිට ආහාර ගැනිමට මත්පැන් භාවිතය මෙන්ම කෝපි පානය කිරිමද නව තත්ත්වය යටතේ තහනම් කර ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලොක්ඩවුන් තත්ත්වය හේතුවෙන් අඩපණ වු ව්‍යාපර නැවත සක්‍රිය කිරිම සඳහා ලොක්ඩවුන් ලිහිල් කිරිම යටතේ මෙම ව්‍යාපාර ආරම්භ කලත් ජනතාවගේ හා රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරි ජුනි මස 1 දා දක්වා මෙම තත්ත්වය ක්‍රියාත්මක කරන බවත් ජනතාවට අවශ්‍ය ආහාර පාන එම ස්ථානවලින් මිලදිගෙන නිවසට රැගෙන යාමේ අවස්ථාව පමණක් සලසා තිබෙන බව පැවසිය.
ජුනි මස 1 දා සිට එම ස්ථානයන්හි ආහාර ගැනිමට බීම මිලදිගෙන භාවිතයට ඉඩ දෙනමුත් දුරස්ථභාවය අනිවාර්ය කරුණක් බව වැඩිදුරටත් පැවසීය.
චන්දන ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

