ඉතාලියේ කෝවිඩ් 19ට එරෙහිව දැඩි සත්කාර රෝහලක් දින 15න් හදයි
ඉතාලියේ කොරෝනා වසංගතය පැතිරිමත් සමග සාමාන්‍ය රෝහල් ධාරිතාවට දර ගත නොහැකි තරම් රෝගින් පිරිසක් රෝහල් ගත වීම නිසා ඉතාලියේ වෛරසය පැතිරිමේ කේන්ද්‍රස්ථානය වු ලොබර්දියා ප්‍රාන්තයේ රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි විශාල අවශ්‍යතාවක් පැන නැගිම නිසා දින 15 ක් ඇතුලත මිලාන් නගර ආසන්නයේ පිහිටා තිබු ජාත්‍යන්තර මට්ටමේ තිබු වෙළඳ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් දැඩි සත්කාර ඇඳන් 1000 න් යුත් රෝහල් පද්ධතියක් ලෙස පරිවර්තනය කිරිමට ලොම්බර්දියා ප්‍රාන්තය පියවර ගෙන තිබේ.
ප්‍රාන්ත ආණ්ඩුකාර අතිලියෝ ෆොන්තානා මහතාගේ උපදෙස් මත හිටපු ඉතාලි සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානි ගුයිඩො බෙර්තලාසෝ මහතාගේ මෙහෙයවිමෙන් මෙම දැඩි සත්කාර ඒකක රෝහල් පද්ධතිය ඉදිකර තිබේ.
මේ වනවිට ලොම්බර්දියා පළතේ රෝහල් වල දැඩි සත්කාර එකකයන්ට ඇතුලත් කල නොහැකි රොගීන් මෙම නව රෝහලට ගෙන එන බව වාර්තා වේ.
මෙම නව රෝහල ගොඩනැගිමට යුරෝ මිලියන 100 ට අධික මුදලක් වැය වි ඇති බව ලොම්බර්දියා පළාත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කෝවිඩ් 19 රෝගයෙන් ආසාධ්‍යව සිටින දහස් ගාණක ජනතාවගේ ජිවිත බේරා ගැනිමට මෙම නව රෝහල් පද්ධතිය විශාල ශක්තියක් වන බවත් කිසිදු පුද්ගලයෙකු කිසිම හේතුවක් නිසා අත්හැර දැමිම හෝ නොසලකා හැරිම නොකරන බවත් දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවත් සියලුම ජනතාව ආරක්ෂා කිරිමට කටයුතු කරමින් සිටින බව තවදුරටත් ප්‍රාන්ත ආණ්ඩුකාර අතිලියෝ ෆොන්තානා මහතා පවසා සිටියේය.
චන්දන ප්‍රනාන්දු - ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට

popular news
-
ජයරත්න-කරුවලගස්වැව Wednesday, 08 April 2020 04:57 PM
කිසිදු මරනයක් සිදු නොවේවා. සැමටම නිරෝගී සුව අත්වේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

