ඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් ශ්‍රිලාංකිකයෙක් මිය ගියේය. මෙලෙස මියගොස් ඇත්තේ බෙර්ගමෝ නගරයේ පදිංචි වර්ණකුලසූරිය සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.
පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් සංජීව ප්‍රදීප් පාපැදියකින් ගමන් කරමින් සිටියදි එම දෙසටම ධාවනය වෙමින් තිබු විශාල ලොරි රථයක ගැටි මෙම අනතුර සිදුව ඇති බව බෙර්ගමෝ රථවාහන පොලිසිය මාධ්‍යට පැවසීය.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි සංජීව ප්‍රදිප් මහතා හදිසි ප්‍රතිකාර ගිලන් රථ එම ස්ථානයට ලගාවන විටත් මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
මියගිය සංජිව ප්‍රදිප් මහතා ශ්‍රි ලංකාවේ මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර වසර 20 ට අධික කාලයක සිට තම පවුලේ සමාජිකයන් සමග රැකියාව කරමින් ඉතාලියේ ජිවත් වු අයෙකි.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට

