ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් කොමිෂන් සභාවේ වගන්තියට පටහැනිව එහි නිලධාරියෙකුට පර්චස් එකක් රුපියල් දහසක වටිනාකමට පර්චස් 20 බැගින් නිලධාරින් 395 දෙනෙකු සදහා ඉඩම් අක්කර 49 ක් පර්චස් 35.64ක් ලබා දි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තවක් මගින් අනාවරණය වි ඇත.
2009 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුල දි කොමිෂන් සභාවේ නිලධාරින්ට පර්චස් එකක් රුපියල් දහසක මුදලකට මෙම ඉඩම ලබාදි ඇත. එමෙන්ම ඉඩම් ලබාදිමේ අරමුණින් කොමිෂන් සභාවේ සේවකයින් 120 දෙනෙකුගෙන් රුපියල් දසදහස බැගින් රුපියල් දොළොස් ලක්ෂයක ( 1,200,000) ක් වටිනා අත්තිකාරම් මුදලක් ලබාගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
1972 අංක 01 දරණ ඉඩම් ප්රතිසංස්කරණ පනතේ 44 ( ඕ) වගන්තියට පටහැනිව කොමිෂන් සභාව විසින් සේවයේ යොදවාගෙන සිටින තැනැත්තන් සදහා අර්ථසාධක අරමුදලක් පිහිටුවිම සහ සුභසාධන හා විනෝද ක්රිඩා පහසුකම් සදහා නිවාස නේවාසිකාගාර හා වෙනත් ඉඩකඩ සැපයිම සිදුකළයුතුව යන්න පදනම්ව කොමිෂන් සභාවේ වසර පහක් අඛණ්ඩ සේවයක් හිමි සේවකයෙකුට මෙම ඉඩම් ලබා දි තිබුණි.
කොමිෂන් සභාව විසින් 1982 -1984 කාලවකවානු වලදි ද සේවක පදනම මත ඉඩම්කොටස් ලබාදිම සිදුකර ඇති බවත් එම කාලවකවානුවේ දි ප්ර දේශයෙන් ප්ර දේශයට ඉඩම් කොටස් ලබාදිම පර්චස් 10 හෝ පර්චස් 20 බැගින් ලබාදි ඇති බව කොමිෂන් සභාවේ ලේඛණවල සදහන්ව පවතින බව කොමිෂන් සභාව විසින් විගණනයට සදහන් කොට ඇත. කොමිෂන් සභාව විසින් ගනු ලැබු ප්රතිපත්තිමය තින්දු තිරණ ප්රකාරව යමින් කොමිෂමේ සේවකයින්ට ඉඩම් කොටස් ලබාදි ඇති බවද කොමිෂන් සභාව විසින් විගණනයට සදහන් කොට ඇත.
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් 2024 වර්ෂයට අදළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද