ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂම් සභාව වෙත ගාල්ල දිස්ත්රික්කයේ ඉඩම් කට්ටිකරුවන්ගෙන් ඉඩම් මැනුම් ගාස්තු වශයෙන් රුපියල් දෙකෝටි,තිස්දෙලක්ෂ,හැත්තැපන්දහස් එකසියනමයයි ශතතිස්හයක මුදලක් (23,275,109.36) අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදිමේ වැඩසටහන යටතේ කොමිෂම් සභාවට අයත් ගාල්ල දිස්ත්රික්කයේ මැනුම් නොකරණ ලද ඉඩම් කඩිනමින් මැනුම් තටයුතු කිරිමේ වැඩසටහනක් ආරම්භකොට තිබුණි.එම වැඩසටහන යටතේ එම ඉඩම් මැනුම් තටයුතු කිරිම සදහා බලයලත් මිනින්දෝරුවන් හට ඉකුත් වසර තුන තුලදි (2019,2020,2021) මැනුම් ගාස්තු වශයෙන් රුපියල් තුන්කෝටි,තිස්දෙලක්ෂ,විසිනමදහස්,හාරසියඅසුහයයි ශත තිස්හයක මුදලක්(33,229,486.36) කොමිෂම් සභාව විසින් ගෙවා තිබුණි.
කොමිෂම් සභාවට අයත් ඉඩම් මැනුම්කර නියමානුකුල කරණ අවස්ථාවේ ඉඩම් කට්ටිකරුවන්ගෙන් අයකරගැනිමට යටත්ව ඉඩම් වල මැනුම් කටයුතු කරතිබුණි. ඉඩම්කට්ටිකරුවන්ගේ අයවි ඇත්තේ රුපියල් අනුනමලක්ෂ,පනස්හතර දහස් තුන්සියහැත්තැහතක මුදලකි.
(9,954,377.00) ඉඩම් කට්ටිකරුවන්ට ඉඩම් ලබාදෙන අවස්ථාවේ මැනුම් ගාස්තු අයකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂම් සභාව විසින් 2024 වර්ෂයට අදළාව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද