කළුතර උතුර පොලිස් වසමේ බෝසිරිපුර ප්රදේශයේ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට කළුතර උතුර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලදී. මරණකාරිය වයස අවුරුදු 35 ක් වූ කළුතර උතුර ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය හා ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් 2025.05.04 වන දින දහවල් කාලයේදී පියා විසින් විසින් යකඩ පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකල වයස අවුරුදු 63 ක් වන සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් ඇති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.