ඉටුකම වෙබ් අඩවිය භාවිතයෙන් ඉවත් කරයි
- 23 12 2023
- 13:24
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.
කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව එම වෙබ් අරමුදලට බැර වූ මුදල් පිළිබඳ විස්තර වාර්තාව වෙබ් අඩවියේ මුල් පිටුවේ මත ඉදිරිපත් කරමින් 2022. 10. 28 වන දින සිට බල පැවැත්වෙන පරිදි එම වෙබ් අඩවියෙහි ක්‍රියාකාරීත්වය නිම කරනු ලැබීය.
ඊට අදාළව පළ කරන ලද දැන්වීම් හා මුදල් පිළිබඳ විස්තරයක් පමණක් මේ වන විට එම වෙබ් අඩවිය මඟින් ප්‍රචාරය වේ.
මේ වන විට මෙම වෙබ් අඩවිය භාවිතා නොකරන බැවින් එම වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශවයන් වෙතින් ලබා ගෙන අවභාවිතා කිරීමට හැකියාවක් ඇත. එබැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දී සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
