රට තුළ ඖෂධ හා උපකරණ හිඟයක් ඇති වෙමින් තිබෙන නිසා ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ පවතින මුදල් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට මුදාහරින ලෙස මහා බැංකු අධිපතිවරයාගෙන් අද (11දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඉටුකම COVID-19 අරමුදලේ සභාපති තනතුරු දරන්නේ මහා බැංකු අධිපතිවරයා බවත්, මේ නිසා අදාළ ඉල්ලීම සිදුකළ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙවැනි අරමුදලක් පිහිටුවා තිබෙන්නේ, සෞඛ්‍ය ක්ෂේත්රය තුළ මූල්‍ය අර්බුදයක් ඇති වුවහොත් ඒ සඳහා අදාළ මුදල් යෙදවීමට බවත්, මේ වනවිට රටපුරා රෝහල්වල පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සෞඛ්‍ය අංශය අනතුරේ හෙළන මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට ඉඩ නොතබමින් සෞඛ්‍ය සේවාව ප්රශස්ත මට්ටමක පවත්වාගෙන යායුතු බවත්, අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා මෙම අරමුදලේ මුදල් භාවිත කරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.