දැනට ලංකාවේ වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්රියාතමක වේ.
ඒ අනුව ගෙවියා තමන් විසින් සිදු කරනු ලබන "ඉඟුරු" වගාව සදහා අක්කරයකට රු.200,000/= ක් දක්වා රක්ෂණාවරනයක් ලබා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා 7% ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි සහ වන අලි හානි සඳහා රක්ෂණවරණය ලබාගැනීමට හැකියාව ඇත.
තවද, ගොවියාට තම "කහ " වගාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා අක්කරයකට උපරිමය රු 700,000/= ක් දක්වා රක්ෂණවරණයක් ලබා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා 7%ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි, වන අලි හානි වීම් වලින් සිදුවන අවදානම් ආවරණය කර ගැනීමට හැකියාව ඇත.
විශේෂයෙන් පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය, බදුල්ල ආදී වැඩි වශයෙන් වන අලි අවදානම් සහිත දිස්ත්රික්කයන්හි වන අලින්ගෙන් වගාවන්ට සිදුවන හානි වීමකදී ගොවියා සවිමත් කිරීම උදෙසා මෙවැනි අවස්ථාවන්හිදී වන්දි ලබා ගැනීම සඳහා මෙම සහනදායි රක්ෂණ යෝජනා ක්රමය හඳුන්වා දී ඇත.