වියළි ඉඟුරු සහ කහ මිලදී ගන්නා බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කල පුද්ගලයෙකු හට ඉඟුරු තොග තිබෙන බවට ඇමතුමක් ලබාදී, රඹෑව වැලිඔය හන්දියට ගෙන්වා ගෙන කැලේකට රැගෙන ගොස්, එම ගැනුම්කරු ගස් බැඳ පොලුවලින් පහරදී ලක්ෂ හතරකට ආසන්න මුදල් හා ජංගම දුරකථනයක් කොල්ලකා පලා ගිය පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (14දා) විමර්ශනයක් ආරම්භ කළ බව කල්ලංචිය පොලිසිය පවසයි.
අරණායක ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු තම බිරිඳගේ මුහුණු පොත හරහා කහ සහ ඉගුරු මිලදී ගන්නා බවට දැන්වීමක් පල කර තිබියදී ඇමතුමක් ලබා ගත් පුද්ගලයෙකු මිහින්තලේ, කනදරාව ප්‍රදේශයේ ඉඟුරු කිලෝ 2000ක් ඇති බවත් පවසමින් එම ඉඟුරු වල ඡායාරූප වට්ස්ඇප් මාර්ගයෙන් තමාට එවූ බව පැමිණිල්ලේ සඳහන් සඳහන්ව ඇති යැයි පොලීසිය කියයි.
පෙර කතා කරගත් පරිදි පැමිණිලිකරු ඉඟුරු තොගය මිලදී ගැනීම සඳහා පසුගිය 12දා අනුරාධපුරයට පැමිණ දුරකථන ඇමතුමක් ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී සැකකරුවන් විසින් පැමිණිලිකරුට යලි, වව්නියාව බස් රථයක නැගී රඹෑව වැලිඔය හන්දියට පැමිණෙන ලෙසට දන්වා තිබූ බව පොලිසිය සඳහන් කළේය.
වැලිඔය හන්දියේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු තමාව යතුරුපැදියේ නංවා ගෙන කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් කමිසය සහ කලිසම ගලවා අතින් පයින් පහර පහරදී මුදල් රුපියල් 10000ක් කොල්ලකා තව මුදල් ඉල්ලා පහර දුන් බවත්, එම අවස්ථාවේදී බිරිඳට ඇමතුමක් ගෙන බැංකු ගිණුමට බැර කර පසුව කාඩ් පත සහ රහස් අංකය ලබා ගත් සැකකරුවන් තමා ගස් බැඳ, බැංකුව වෙත පිටව ගිය බව පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්ව ඇතැයි පොලීසිය කියයි.
යළි පැය දෙකකින් පමණ එම ස්ථානයට පැමිණි පුද්ගලයන් මැදවච්චිය ප්‍රදේශයේ බැංකුවකින් මුදල් ලබා ගෙන එයින් තමාට රුපියල් 5000ක මුදලක් අතට දී පොලිසියට කිව්වොත් "උඹ මරලා ඉවරයක් කරනවා" කියා, මුදල්, ජංගම දුරකථනය ඇතුළු 390,000ක් රැගෙන පලා ගිය බව පැමිණිල්ලේ සඳහන් සඳහන් වී ඇතැයි පොලිසිය කියයි.
ඉන් අනතුරුව බියට පත් පැමිණිලි කරු කැලෙන් එළියට පැමිණ කල්ලංචිය ගමට ගමන්කර ත්‍රිරෝද රථයක නැගී වැලිඔය හන්දියට පැමිණ අරණායක නිවසට ගොස් පසුදා පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කල්ලංචිය පොලීසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මීට මාස දෙකකට පමණ පෙරද ඉඟුරු මිල දී ගන්නා බවට සමාජ මාධ්‍යයේ දැමූ මැල්සිරිපුර ප්‍රදේශයේ ගැණුම්කරුවෙකු රඹෑව වැලිඔය හන්දියට ගෙන්වා ගෙන රුපියල් ලක්ෂ 8 ක මුදලක් පැහැර ගත් සිදුවීමක් ද වාර්තා විය.