කොළඹ වරාය හරහා ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක තිබූ දේපළ සොරකම් කිරීම සඳහා එම ගබඩාවට ඇතුළුවීමට උත්සාහ කළ පිරිසක් එම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පුද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ට පහරදී ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කිරීමේදි ආරක්ෂක අංශ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 05ක් හා කාන්තාවන් 4ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූ එක් කාන්තාවක් ප්රතිකාර ලබා ගැනිමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබේ.
තුවාකරුවන් හා කාරියන් අවුරුදු 18ත් 63ත් අතර පසුවන බ්ලූමැන්ඩල් පදිංචිකරුවන් වන අතර වෙරළබඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.