ඉගිල්ලෙන රියදුරන් මට්ටු කරන්න පොලීසියට නවීනතම වේග මාපක
අධික වේගයෙන් වාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක (SPEED GUN) භාවිතා කිරීමට යයි.
ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම වේග මාපක විශේෂයෙන් රාත්‍රී රථ වාහන මෙහෙයුම් සඳහා ද භාවිතා කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මීගමුව, කැලණිය සහ ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන් වෙත සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙත මෙම වේග මාපක උපකරණ කට්ටල 30 ක් සංකේතාත්මකව ලබා දීම ඊයේ (11) පොලිස් මූලස්ථානයේදී
වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පොලිස් මූලස්ථානයේදී සිදු කෙරිණි .
ඉදිරියේදි දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත මෙම වේග මාපක ලබාදී රථ වාහන නිලධාරීන්ට මෙම යන්ත්‍රය හැසිරවීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට නියමිත බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
ජේ. ඉඳුරුවගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
