ඉගිණිමිටිය, තබ්බෝව වාන් දොරටු අරී
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් එක් රැස්වන අමතර ජලධාරිතාවය පිට කිරීම සඳහා මේ වනවිට පුත්තලම දිස්ත්රීක්කයේ තබ්බෝව සහ ඉගිනිමිටිය මහාවාරි ජලාශවල 23 දින වාන් දොරටු විවෘත කළ බව එම ජලාශ භාර වාරිමාර්ග කාර්යාල සඳහන් කළේය.
ඒ අනුව 23 දින පස්වරු 1 වනවිට තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අඩි 2 බැගින් විවෘත කළ බවත් එමඟින් පිට කෙරෙන ජලධාරිතාවය තප්පරයකට ඝන අඩි 3200ක් බවත් තබ්බෝව ජලාශය භාර පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.
මේ අතර පුත්තලම දිස්ත්රීක්කයේම ප්රධාන ජලාශයක් වන ඉගිණිමිටිය ජලාශයේ පිහිටි වාන් දොරටු හයම ( 4ක් අඩි 1 බැගින් සහ 2ක් අඩි 2 බැගින්) විවත කළ බවත් එමඟින් මුදහැරෙන ජලධාරිතාවය තප්පරයකට ජලය ඝණ අඩි 4000ක් බවත් එම වාරිමාර්ග කාර්යාලය සඳහන් කළේය.
ඉගිණිමිටිය ජලාශයේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් එම ප්රදේශයේ පිහිටි ජලාශද වාන්දැමීමට පටන් ගෙන ඇති බවත් එසේ වාන් දමන ජලය ඊට පහළින් පිහිටි ඉගිණිමිටය ජලාශයට එක්රැස් වීම නිසා එම ජලාශයේද වාන්දොරටු මෙසේ විවෘත කිරීමට සිදුවී ඇති බවද කියයි.ෙඉගිණිමිටිය හා තබ්බෝව ජලාශවල වාන් ජලය මී ඔයට මුදා හැරේ
මේ අතර,ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 01 බැගින් විවෘත කර ඇත.එම වාන් දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 2000 ක් මීඔයට මුදා හැරේ.තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8 ක් අඩි 2 බැගින් විවෘත කර ඇත.එම වාන් දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 1760 ක් මුදා හරින බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

