මඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියාගේ මරණය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් සිදු වී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි
මෙලෙස මියගොස් තිබුණේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පි ඒ පුෂ්පකුමාර නිශ්ශංක 58 මහතායි
නිවසේ තනිව සිටින සිය සැමියා පිළිබඳ සොයා බලන ලෙස වෛද්‍යවරිය යාබද නිවසෙහි පුද්ගලයාට දුරකථනයෙන් කළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු තවත් පුද්ගලයකු සමඟ පැමිණ සිදු කළ සොයා බැලීමේදී ඉංජිනේරුවරයා නිවසේ සාලයේ ලේ විලක් මැද මුනින් අතට වැටී සිටින අයුරු දැක කහතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව පරීක්ෂණ ආරම්භ කෙරිණි
ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද පැමිණ විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ සිදු කෙරිණි
අදාල මරණය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම නිවස වෙත පැමිණි කැස්බෑව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් හේෂා විතානගේ මහත්මිය මළ සිරුර මෙන්ම ස්ථානය පරික්ෂා කිරීමෙන් අනතුරුව මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු මරණ පරීක්ෂණය සිදු කරන ලෙස නියෝග කෙරිණි
ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි
එම පරීක්ෂණයේ දී අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වීම හේතුවෙන් සිරෝසිස් රෝගය උත්සන්න වී ඉංජිනේරුවරයාගේ මරණය සිදුවී ඇති බවට අනාවරණය වී තිබූ බව පොලිසිය කියයි