ඉංග්‍රීසි ලංකාවේ ජාතික භාෂාවක් නෙමෙයි
ඉංග්‍රීසි භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් නොවන බවත් එය සම්බන්ධීකරණ භාෂාවක් පමණක් බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
එසේම මහාධිකරණ මගින් නිකුත් කරන තීන්දු ප්‍රකාශයට පත්කිරීමේදී ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම බොහෝ අවස්ථාවල ගැටලු සහගත මෙන්ම නිසි පරිද ඉංග්‍රීසි භාෂාව නොදත් බහුතර ජනතාවට සිදුවන අසාධාරණයක් බවද ඔහු පවසයි.
“ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික භාෂාවන් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් සිංහල සහ දමිල භාෂාවන් නීතිගත කර ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, මහා මාර්ග පුවරු, ගමනා ගමන සේවා වැනි අත්‍යාවශ්‍ය ප්‍රසිද්ධ මහජන සේවාවන් මෙන්ම පාර්ලිමේන්තුව, පළාත් සහා සහ පළාත් පාලන ආයතනයන් වෙත ද මෙම තත්ත්වය ව්‍යවස්ථානුකූලව වලංගු වේ.
එසේ වුවද මහාධිකරණය මඟින් නිකුත් කරන තීන්දු ප්‍රකාශට පත්කිරීමේ දී ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් වීම බොහෝ අවස්ථා ගැටලු සහගත මෙන්ම නිසි පරිදි ඉංග්‍රීසි භාෂාව නොදත් බහුතර ජනතාවකට සිදුවන අසාධාරණයක්.
ජාත්‍යාන්තර පිවිසුම සඳහා විදේශීය දැනුමට, අධ්‍යාපනයට සහ ජාත්‍යාන්තර සම්බන්ධීකරණ කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යාවශ්‍ය සහ වැදගත් භාෂාවක් වන අතර එය ශ්‍රී ලංකාව තුල ජාතික භාෂාවක් නොවන අතර එය සම්බන්ධීකරණ භාෂාවක් පමණකි.
එසේ හෙයින් මහාධිකරණ කටයුතු වලදී අදාල තීන්දු නිවේදන ප්‍රකාශයට පත්කිරීමේ දී සිංහල සහ දෙමළ භාෂා වලින් ද නිකුත් කිරීම විශේෂයෙන් වැදගත් වන අතර එසේ සිදුකිරීම තුලින් ජාතීන් අතර සමඟිය සහ සමාජ ඒකාබද්ධතාවය ද ගොඩනැඟෙයි.” යැයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
popular news
-
ඩි.පි ප්‍රසාද් Friday, 03 September 2021 01:57 PM
වාසුදේව නානායක්කාර සිංහල භාෂාව ජාත්‍යන්තර භාෂාවක් කිව්වට එයාගේ ලමයි කථා කරන්නේ ඉංග්‍රීසියෙන් වාසුදේවලා වතුකාරයෝ බොරු සමාජවාදී රෙද්දක් පොරවගෙන රෙදි බෙගල් ඇද දමන සංවරයක් නැති පුද්ගලයෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

