ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයට නවක මුහුණු තුනක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා නවක ක්රීඩකයන් තිදෙනෙකුගෙන් සමන්විතව ශ්රී ලංකා ටෙස්ට් සංචිතය ප්රකාශයට පත්කර තිබේ.
උපුල් තරගංගේ සභාපතිත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව නම් කළ පළමු ටෙස්ට් සංචිතය මෙය වෙයි. එසේම ශ්රී ලංකා නව ටෙස්ට් නායක ධනංජයද සිල්වා නායකත්වය ලබාදෙන පළමු ටෙස්ට් තරගයද මෙය වෙයි.
මෙම ටෙස්ට් සංචිතයට නවක ක්රීඩකයන් ලෙස වේග පන්දු යවන චාමික ගුණසේකර, කඩලු රකින ක්රීඩක/පිතිකරු ළහිරු උදාර, වේග පන්දු යවන ක්රීඩක මිලාන් රත්නායක නම් කර තිබේ.
කෙසේ වෙතත් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති අතර මේ වන විට ඩුබායිහි පැවැත්වෙන ලීග තරගාවලියට ක්රිඩා කරන ඩිල්ෂාන් මධුශංක හා කුසල් පෙරේරාද සංචිතයට නම් කර නොමැත.
ශ්රී ලංකා ටෙස්ට් සංචිතය - ධනංජයද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක) දිමුත් කරුණාරත්න, නිෂාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්රභාත් ජයසූරිය, ළහිරු උදාර, චාමික ගුණසේකර, මිලාන් රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

