මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කෙරේ.
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙයි. ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඇමතිවරයා අවධාරණය කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. පසුගිය දා (07) අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී එය පැවැත්විණි.
ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවයි. එම මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වළව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.
එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවට මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදෙන්න උපදේශක කාරක සභාවට සහභාගීවෙන නිළධාරීන් කටයුතු කළ යුතු බවයි. තම අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව මීට කලින් පැවැත්වුවේ මාස තුනකට පෙර බව කී අමාත්‍යවරයා එම උපදේශක කාරක සභාවට ඉදිරිපත් වුණ ගැටළු තවම විසඳී නොමැති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳවව අමාත්‍යංශ නිළධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කළේය.
