ඇසිඩ් ප්රහාරයෙන් සැමියා මරුට
පිටිගල නියාගම උඩගංවත්ත පදේශයේ නිවසකට පැමිණ ආපසු යතුරු පැදියෙන් සිය නිවසට යෑමට සූදානම්වූ අවස්ථාවේදී අඹුසැම් යුවළකට එල්ලවූ ඇසිඩ් පහාරයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ පතිකාර ලබමින් සිටි එම යුවළගෙන් සැමියා ඊයේ (8)මිය ගිය බව පිටිගල පොලීසිය කියයි.
මේ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තල්ගස්වල මානම්පිට කලුකොන පදිංචි හතලිස් හතර හැවිරිදි දෙදරු පියෙකුවූ කාරියවසම් මාජුවාන ගමගේ නුවන් සුරංග ඩයස් නමැත්තාය.
අගෝස්තු මස පළමු වැනිදා මේ අඹුසැමි යුවළට එල්ලවූ ඇසිඩ් පහාරයෙන් බරපතල තුවාල ලැබූ මිය ගිය තැනැත්තාගේ භාර්යාව වන කුමාරි එදිරිසිංහ කොඩිතුවක්කු නමැති හතලිස් එක් හැවිරිදි දෙදරු මව කරාපිටිය රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි.
ඇසිඩ් පහාරයට ලක්වූ මේ අඹුසැමි යුවළ තල්ගස්වල මානම්පිට සිට සිය නිවසේ සිට පිටිගල,නියාගම උඩගංවත්ත පදේශයේ හිතවත් නිවසකටඅගෝස්තු මස පළමු වැනිදා රාතියේ යතුරු පැදියකින් පැමිණ ඇති බවත් එම නිවසේ ටික වේලාවක් රැදී සිට සිය නිවස කරා යාමට යතුරු පැදියෙන් නැග යාමට සූදානම්වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මේ ඇසිඩ් පහාරයට ලක්වී ඇති බවත් පොලීසිය කියයි.මේ අඹුසැමි යුවළට මේ ඇසිඩ් පහාරය එල්ලවී ඇත්තේ රාතී දහයට පමණ බවත් පොලීසිය කියයි.

ඇසිඩ් පහාරයෙන් තුවාල ලැබූ අඹුසැමි යුවළ පළමුව නියාගම රෝහළටත් එයින් වැඩිදුර පතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බවද පොලීසිය කියයි.එහිදී කරාපිටිය රෝහලේදී අඹුසැමි යුවළගෙන් සැමියා ඊයේ(8)මිය ගිය බවද පොලීසිය කියයි.
අඹුසැමි යුවළට ඇසිඩ් පහාරය එල්ල කළ නියම සැකකරුවන් හඳුනා ගෙන සැකපිට පශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් ඒ අනුව මේ වනවිට දෙදෙනෙක් පොලිස් භාරයට ගෙන පශ්න කළ බවත් මේ සඳහා අවැසි ඇතැම් සැකකරුවන් පදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
පෞද්ගලික මුදල් ආරවුලක් මේ ඇසිඩ් පහාරයට හේතුව වී ඇති බව මූලික විමර්ශණවලදී අනවරණයවූ බවද පොලීසිය කියයි. පිටිගල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

